මදුරාවල බල ප්‍රදේශයෙන් තවත් කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව (10) දින වනවිට 40 දක්වා ඉහළ ගොස් ඇති බව මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.
හොරණ ගුරුගොඩ ඇඟලූම් ආයතනයෙන් හමුවූ ආසාදිතයින් රැසක්ද මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ ගම්මාන රැසක පදිංචිකරුවන් වන අතර මේ වනවිට මදුරාවල කලාපයේ පවුල් 300ක් සාමාජිකයින් 1115 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවද පැවසුවාය.
තවද මේ දිනවල හොරණ අඟුරුවාතොට මාර්ග පළල් කිරිම් කටයුතු සිදුවන අතර එම මාර්ගයේ වැළිකැටැල්ල ප්‍රදේශයේ වැඩ කරමින් සිටි කම්කරුවන් පිරිසක් ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයකු ඇසුරු කිරීම නිසා එම කම්කරුවන් 28 දෙනෙකු ස්වයංනිරෝධායනයට ලක් කර ඇති අතර ‘මේ වනවිට ඉන් එක් සේවකයෙකුට කොරෝනා ආසාදිත බව තහවුරු වු බවත් මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
අගුරුවාතොට-මංගල එදිරිසිංහ