ජාතික ඩෙංගු මර්දන සතියේදී මදුරුවන් බෝවන ලෙස ස්ථාන පවත්වාගෙන ගිය 2694කට විරුද්ධව නීති මගින් කටයුතු කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලය නිවේදනය කරයි.
ඊසාන දිග මෝසම් වැස්ස සමග ඩෙංගු වසංගතය යළි හිස එසවීම ඇතුළු මදුරුවන් නිසා ඇතිවන රෝග වැළැක්වීමට ඔක්තෝම්බර් 02 දක්වා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක විය.
එහිදී,
දිවයින පුරා පරිශ්‍ර 351,390 ක් පරීක්ෂාකර ඇත.
ඉන් මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර ලෙස ස්ථාන 94,971 ක් හඳුනාගෙන ඇත.
පරිශ්‍ර 67,648 ක් මදුරුවන් බෝවිය නොහැකි ලෙස පිරිසිදු කර ඇත.
පරිශ්‍ර 16,435 ක් මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඒවාට නිසි ක්‍රියාමාර්ගයන් ගෙන පිරිසිදු කරන ලෙස දන්වා නියෝග නිකුත්කර ඇත.
මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය 2694 දෙනෙකුට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගෙන පිරිසිදු කරන ලෙස දන්වා නියෝග නිකුත්කර තිබේ.