මදුරන්කුලිය කර්මාන්ත ශාලාවේ ආසාදිතයින් සේවිකාවන් අද දින 44 දක්වා ඉහළ ගොස් ඇති බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම් .ජවුසි මහතා පවසයි.
අදාල ආසාදිතයින් සංඛ්‍යාවෙන් 18 දෙනෙකුම අද දින වාර්තා වි ඇති අතර මෙම පිරිස අතර වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කර්මාන්ත ශාලා කළමණාකරුද සිටින බව කියයි.
මෙයට පෙර දින දෙකකදි ආසාදිත සේවිකාවන් 26 දෙනෙකු 14 හා 13 දින වාර්තා වි තිබුනී.
ආසාදිත සේවිකාවන් පුත්තලම,ආණමඩුව ,මුන්දලම ,උඩප්පුව,මහකුඹුක්කඩවල ,කල්පිටිය යන ප්‍රදේශ වලින් වාර්තා වි ඇති බව කියයි.
ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග අදාල කර්මාන්ත ශාලවේ පාලනාධිකාරිත්වය මුන්දලම පොලිසිය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සමග සාකච්ජා කිරිමේන් අනතුරුව තාවකාලිකව වසා දැමිමට කටයුතු කර තිබුනී.
කෙසේ නමුත් අදාල ආසාදිත සේවිකාවන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග පළමු ආශ්‍රීතයින් 250 ක් පමණ සෞඛ්‍ය අංශ හදුනාගෙන තිබු අතර එම ආශ්‍රීතයින් ඇසුරු කල පිරිස් සමග මේ වන විට 700 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව කියයි.