මැදපෙරදිග රටවල් 03 ක සිටි ශ්‍රී ලාංකිකයන් 71 දෙනෙකු , එම රටවල සිට පැමිණි ගුවන් යානා 03 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඊයේ රාත්‍රී 7.45 ට ඕමානයේ මස්කට් නුවර සිට පැමිණි ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි.- 373 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 19 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඊයේ දින රාත්‍රී 11.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 35 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
අද දින අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් මගීන් සියලු දෙනා කොළඹ ඩර්ඩන්ස් , නවලෝක සහ ලංකා යන පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩලයක් විසින් පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කර තිබුණි .
ඉන්පසුව මෙම ගුවන් මගීන් පිරිස නීරෝධායන කටයුතු සදහා කොළඹ ගල්කිස්ස මහ හෝටලය වෙත රැගෙන ගිය බව ද කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ක්‍රීඩා පිටියක සහ පාළමක් යට රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙකු රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් යානයක් පිටත්ව යෑමට නියමිත බවත් , ඒ සදහා මේ වනවිට ගුවන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇති බවත් , මෙම ගුවන් මගීන් පිරිස රැගෙන 11/10 දින වනවිට මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බවත් කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .
පසුගියදා ජනාධිපතිතුමා විසින් මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස කඩිනමින් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට උපදෙස් ලබා දී තිබුණි .