මැදපෙරදිග රටවල් 03 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 296 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 03 කින් අද (09දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
සෞදි අරාබියේ ජෙඩා සිට එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 258 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් යානයක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක්, කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු රැගෙන කටාර් ගුවන් සේවයේ ගුවන් යානයක් මෙසේ කටුනායකට පැමිණ තිබේ.
මොවුන් සියලු දෙනා ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ වලට යොමු කිරීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සඳහා රැගෙන ගොස් තිබේ.