ශ්‍රී ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් මැද පෙරදිග සිටින ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
ඒ අනුව ඉදිරි දිනවලදී ඔවුන්ව ගෙන්වා ගන්නා බවත් කුවෙට්, ඩුබායි වල සිටින ශ්‍රමිකයන් හා මාලදිවයිනේ සිටින ශ්‍රමිකයන් ගෙන්වා ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එසේම ඔවුන් ලංකාවට ගෙන ඒමෙන් පසුව නිරෝධානය ක්‍රියාවලියට යොමුකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.