එකිනෙකට වෙනස් ලංකාවේ මැතිවරණ ක්‍රම ලෝකයේ ලොකුම දේශපාලන විහිළුව බවත් කොවිඩ් වසංගතය රටම වෙලාගෙන ඇති අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීමේ වාතාවරණයක් නොමැති බවත් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පසුගියදා කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කඹුරුපිටිය නගර සංවර්ධන කමිටු රැස්වීම අමතමිනි.
"සමස්ත රටම කොවිඩ් 19 වසංගතය විසින් වෙලාගෙන සිටින තත්ත්වය යටතේ මේ වනවිට මැතිවරණයක් පැවැත්වීමේ වාතාවරණයක් නැහැ. ජනාධිපතිතුමා රටට පැහැදිළි පොරොන්දුවක් දීලා තිබෙනවා, කොට්ටාශ මත පදනම් වු සමානුපාතික නියෝජන ක්රමයේ සාදනීය ලක්ෂණ රැකෙන මැතිවරණ ක්‍රමයක් හදුන්වලා දෙනවා කියලා. අපේ රටේ ප්‍රධාන දේශපාලන ආයතන 04 ක් තිබෙනවා.
විධායකය, පාර්ලිමේන්තුව, පළාත්සභා සහ පළාත් පාලන ආයතන වශයෙන්. විධායක ජනාධිපති ක්‍රමය සදහා ලෝකයේ සෑම රටකටම එකම ආකාරයක් තිබෙනවා. නමුත් ලංකාවේ අනෙක් ආයතන තුනේ තිබෙන්නේ එකිනෙකට වෙනස් ක්‍රම තුනක්. ලෝකයේ ලොකුම දේශපාලන විහිළුවකට හොඳම උදාහරණයක් තමයි මේක.
රටේ වගේම ජනතාවගේ වුවමනාව රටේ සුළුතරය මෙන්ම සුලු මතවාද වලට ඇහුම්කන් දෙන කොට්ඨාශයටම වගකියන, මන්ත්‍රීවරයෙක්. කොවිඩ් කියන්නේ විශ්වීය මාරයෙක්. සමස්ත රටම කොවිඩ් උවදුරෙන් වෙලාගෙන සිටින මේ වගේ අවස්ථාවක මැතිවරණයක් වෙනුවෙන් සටන් පාඨ කියනවාට වඩා කොවිඩ් උවදුරෙන් ගැලවීමට මාර්ග සෙවීමයි වැදගත් වන්නේ. අපි කිසිසේත්ම මැතිවරණ කල් දාන්නේ නැහැ. පළාත්සභා පනතේ දුර්වලතා මත තමයි ප්‍රමාදයන් සිදුවී තිබෙන්නේ" යැයි පැවසීය.
ඉදිරි මාස 03 ඇතුලත කොවිඩ් 19 සදහා වන එන්නත රට ලැබීමට නියමිත බවත්, මාර්තු මාසයට පෙර හෝ මාර්තු මාසය මුල් සතිය වනවිට අදාළ එන්නත රටට ලබාගත හැකි වන පරිදි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බවත් ඔහු පැවැසීය.
දැනට දිනකට 500 ක් පමණ ආසාදියන් වාර්තා වන අතර රෝගයට බිය වී පළක් නොමැති බැවින් රෝගයෙන් ආරක්ෂා වීමට කටයුතු කළ යුතුබවද ඔහු පැවැසීය.