සෞඛ්‍ය නීති පිළිපඳිමින් පෙරහුරු මැතිවරණයක් හෙට (7දා) පෙරවරු 10 සිට දහවල් 12 දක්වා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවත්වේ.
ඡන්ද දායකයින් 200යක පමණ පිරිසක් මේ සඳහා යොදා ගැනීමට නියමිතය. සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යැමේදි මතුවිය හැකි ගැටලු හඳුනා ගැනීම මේ වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණයි.
දුරස්ථභාවය පවත්වාගෙන යමින් ,මුඛ ආවරණ හා විෂබීජහරණ දියර භාවිත කරමින් ජාතික හැඳුනුම්පත් අතින් නොඅල්ලමින් යනාදි සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මේ මැතිවරණ පෙරහුරුව පැවැත්වීමට නියමිතය.
කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත