නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණයට අදාළව ඊයේ (13දා) දක්වා මැතිවරණ පැමිණිලි 3821ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මෙයින් පැමිණිලි 3687ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වෙයි. ප්රචණ්ඩ ක්රියා 27ක් හා වෙනත් පැමිණිලි 107ක් ද සමස්ත පැමිණිලි 3821 තුළ ඇතුළත් වෙයි.