මැතිවරණ දිනයේදී යම් ආකාරයක ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර තිබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.
මීට අමතරව දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධාරීන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ පැමිණිලි ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ලේකම්වරයා පවසා සිටියේය.
යම් ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඡන්ද මධ්‍යස්ථානවලට ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට හා ආරක්ෂාව ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.