අගෝස්තු මස 05 දාට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නිහඬකාලය අගෝස්ත 02 දා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂම නිවේදනය කරයි.
ඒ අනුව එම කාලයෙන් පසු සියලු දේශපාලන ප්‍රචාරණ කටයුතුවලින් ඈත්ව සිටීම අවශ්‍ය බවද එම කොමිෂම පවසයි.
කොවිඩ් 19 රෙගුලාසි යටතේ ලබාදුන් උපදෙස් පරිදි ඡන්ද පොළ තුළ සියලු ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන හෙයින් සියලුම ඡන්ද දායකයන් බිය නොවී සිය වටිනා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පොළසට පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවද කොමිෂම නිවේදනය කරයි.