කෝවිඩ් 19 වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින වකවානුවක මහ මැතිවරණයක් පැවැත්වීම කිසි සේත්ම සුදුසු නොවන බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.
එම සංවිධානයේ විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා සඳහන් කළේ මහ මැතිවරණය කල් දමන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත මෙන්ම මැතිවරණ කොමිසම වෙත ලිපි යොමු කර ඇති බවයි.
පවතින අවදානම් කාරීත්වය මත මැතිවරණ ව්‍යාපාර පැවැත්වීම කිසිසේත්ම සුදුසු නොවන බව කැෆේ සංවිධානයේ අදහසයි. ජන්ද රැළි ගෙන් ගෙට යාම අත්පත්‍රිකා බෙඳීම් වැනි කටයුතු මඟින් කොරෝනා රෝගය පැතිර යාම තවදුරටත් වර්ධනය විය හැකිය. එමෙන්ම මැතිවරණය පැවැත්වීමේ දී පවා දැඩි අවදානම්කාරී තත්ත්වයක් නිර්මාණය වන බව කැෆේ සංවිධානයේ අදහසයි.
නිසි ආකාරයේ නිරෝධායන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට මෙම වෛරසය පැතිර යාම සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු මැතිවරණය පැවැත්වීම නොකළ යුතු බව කැෆේ සංවිධානය අවධාරණය කර සිටියි.
මෙම වෛරසය හේතුවෙන් ලොව බොහෝ රටවල මැතිවරණ මේ වන විට අත්හිටුවා තිබේ. එලෙස මැතිවරණය අත්හිටුවා ඒ වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් කොරෝනා රෝගය පැතිර යාම වැළැක්වීම සහ නිරෝධායන ක්‍රියාවලි සඳහා යොදාගත හැකි බව කැෆේ සංවිධානයේ අදහසයි. මැතිවරණ පැවැත්වීමටත් ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමටත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් සිටීම අත්‍යාවශ්‍ය බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ වරයා වැඩිදුරටත් සඳහන් කරයි.