මේ වනවිට පළමුවරට ශි‍්‍ර ලංකාව තුළින් කෙරෝනාවෛරසය වැලඳුණු රෝගියා හඳුනාගනු ලැබු බවත් මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගතයක් හැටියට හඳුන්වා තිබියදි එජාපයත්, එජාපයෙන් විතැන් වෙන්න සිටින කණ්ඩායමටත්, ජනතා විමුක්ති පෙරමුණටත් මෙය දේශපාලන අතකොලූවක් කර නොගන්නා ලෙසත්, මෙය ඉතා භයානක තත්ත්වයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශොහාන් සේමසිංහ මහතා පවසයි.
එහිදි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ තම දිවිය පරදුවට තබා ක්‍රියා කිරිම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට, වෙද්‍යවරුන්ට, හෙදියන්ට හා ති‍්‍රවිධ හමුදාවට ගෞරවය ඇතුළුව ස්තුතී කළයුතු බවයි.
මේ අතරේ අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය කරමින් දිගින් දිගටම මැතිවරණය කල්දමපු, ප්රජාතන්ත්රවාදයට හානි කරපු පසුගිය රජය මෙන් මෙවර කිසිදු අයුරකින් මැතිවරණය කල්නොදමන බවද ඔහු මෙහිදි පැවසීය.
මැතිවරණ කල් දැමීම කියමින් ප්‍රකාශ කිරීමෙන් පැහැදිලි වන්නේ ඔවුන්ගේ මැතිවරණ සුදානම පිළිබදව බවත් ඒ තුළින් ඔවුන් මැතිවරණයට සුදානම් නැති බවත් පරාජය සනාථව ඇති බවත් තහවුරු වි ඇති බවත් ඔහු මෙහිදි පැවසීය.