වසංගතය හමුවේ දනින් වැටී සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ එලැඹෙන මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් අඛණ්ඩ ඡන්ද සිඟමනක යෙදී සිටින ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප්, මැතිවරණයට පෙර කොවිඩ්-19 එන්නතක් හෝ ඡන්ද දායකයන්ට සතුටු විය හැකි ප්‍රතිකාර ක්‍රමයක් කඩිනම් කරන ලෙස එරට ආහාර හා ඖෂද පරිපාලනයට බලකරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
ට්‍රම්ප් සිය ප්‍රසිද්ධ ප්‍රකාශවලට සහ පෞද්ගලික අනාවැකි සඳහා වසංගතය පිළිබඳ තවත් හොඳ ආරංචියක් ඉල්ලා ඇති අතර, සෞඛ්‍ය විශේෂඥයන් විසින් සුළු වශයෙන් සලකනු ලබන වර්ධනයන් පවා තමාට වාසිදායක ප්‍රධාන නිවේදන දක්වා පුළුල් කළ යුතු යැයිද අවධාරනය කරන බව කියැවේ.
වසර 100ක පමණ ඉතිහාසයක් ඇති එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) එය ආරම්භ කළ දින සිට එහි තීරණාත්මක අවස්ථාවන්ට මුහුණ දෙමින්, එහි නිලධාරීන්ද ආතතියකට ඇද දමා ඇති බවටද චෝදනා පවතී. ඒ අනුව මේ වනවිට එහි පවතින තත්ත්වය පීඩන උදුනකට සමාන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 6,149,289ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛයාව 186,785කි.