පවතින දේශපාලන අර්බුදය විසඳීම සඳහා ඇති එකම විසඳුම මැතිවරණයකට යෑම බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඒ හරහා ස්වාධීන කථානායකවරයෙක්, නව අග්‍රාමාත්‍යවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීමට අවස්ථාව ඇති බවත් ඔහු සඳහන් කළේය.