දක්ෂිණ අධිවේගයේ දිගුවක් වන මාතර සිට මත්තල දක්වා වන කොටස ගාස්තු අය කරන මහා මාර්ගයක් බවට ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම කොටස 23 දා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.
මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිකුත් මෙම අත්විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව ඇක්සල් දෙකක් හා රෝද 4ක් ඇති වාහන සදහා
කෙට්ටාවේ සිට මත්තල - රුපියල් 750
කඩවත සිට මත්තල - රුපියල් 850
කටුනායක සිට මත්තල - රුපියල් 950
ඇක්සල් දෙකක් හා රෝද හයක් ඇති වාහන
කෙට්ටාවේ සිට මත්තල - රුපියල් 1400
කඩවත සිට මත්තල - රුපියල් 1500
කටුනායක සිට මත්තල - රුපියල් 1800
ඇක්සල දෙකකට වැඩි වාහන
කෙට්ටාවේ සිට මත්තල - රුපියල් 2400
කඩවත සිට මත්තල - රුපියල් 2650
කටුනායක සිට මත්තල - රුපියල් 3000