මාතර බන්ධනාගාරය තුළ දැනට පවතින ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එය කොටිවිලවත්ත ප්‍ර‘දේශයේ ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතය.
රැඳවූවන් 700 දෙනෙකු සඳහා මූලික පහසුකම් සහිතව, නිල නිවාස, බැරැක්ක, ජලය හා විදුලිය, නීරීක්ෂණ කැමරා, උපයෝගිතා සහ සනීපාරක්ෂක පද්ධති සහ අනෙකුත් පහසුකම් සහිතව මෙම ඉදිකිරීම් කිරීමට නියමිතය.
ඒ සඳහා රුපියල් මිලියන 2950ක මුදලක් අවශ්‍යව ඇති අතර එම මුදල් මධ්‍යකාලීන අයවැය රාමුව තුළ සලසා ගැනීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇත.