මංතීරු නීතිය ක්රියාත්මක කිරීමේදී ඇතිව තිබෙන ගැටලු පිළිබඳව අවධානය යොමුකරමින් බස් මංතීරුවේ ගමන් කිරීමට ඉඩ ලබාදි ඇති යතුරු පැදි හා ත්රි රෝද රථ මුහුණදී ඇති ගැටලු සඳහා විසඳුම් ලබාදීමට පොලීසිය කටයුතු කර තිබේ.
ඒ අනුව මංතීරු හතරක් ඇති මාර්ගයක වම්පස පවතින පළමු හා දෙවැනි මන්තීරු ත්රිරෝද රථ හා යතුරු පැදි සඳහන් වෙන් කර තිබේ.
අනෙක් මංතීරු දෙකේ ඉදිරියට ගමන් කරන සෙසු වාහන වලට අවස්ථාව තිබේ.
මංතීරු තුනක් පවතින විට බස් රථ මංතීරුවේ ගමන් කරන විට ත්රිරෝද රථ හා යතුරු පැදිකරුවන්ට බස් රථයක් නැවැත්වූ විට දකුණු පස ඇති මංතීරුව භාවිත කිරීමෙන් ඉස්සර කිරීමට අවස්ථාව තිබේ.
අධික රථ වාහන තදබදයට පිළියමක් ලෙස ශ්රී ජයවර්ධනපුර මාවත, බේස් ලයින්, හයිලෙවල් හා ගාලු පාර යන මාර්ග හතර ඉලක්ක කර මංතීරු නීතියේ පෙරහුරු ක්රියාත්මකය. අද දිනයේදී පස්වැනි දිනයටත් පෙරහුරු ක්රියාත්මකය.