කොවිඩ්-19 වෛරස ආරක්ෂණ එන්නත්වල මාත්‍රා දෙකම ලබාදීම මගින් එක් මාත්‍රාවකට වඩා කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයන්ගෙන් වැඩි ආරක්ෂාවක් සපයන බව එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) පවසයි.
දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට හඳුනාගත් B.1.351 ප්‍රභේදය ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් දැක්වීමට එන්නත් වලට ඇති හැකියාව කෙරෙහි වඩාත්ම කනස්සල්ලට පත්වන බව වෛද්‍ය හෙදර් ස්කොබි CDC හි ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ උපදේශක කමිටු රැස්වීමකදී පැවසීය.
එසේම එක්සත් රාජධානියේ ප්‍රථම වරට හඳුනාගත් B.1.1.7 ප්‍රභේදය ගැන මෙන්ම බ්‍රසීලයේ පොදු ප්‍රභේදයක් වන P2 ගැනද ඔවුන් සිය සැලකිලිමත් බව දක්වන බවද සඳහන් කළේය.
කෙසේ වෙතත් CDC හි අධ්‍යයන 5ක් පෙන්වා දී ඇත්තේ දෙවැනි එන්නත් මාත්‍රාව කල් දැමීමෙන් සමහර පුද්ගලයින්ට SARS-Cov-2 ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීමට නොහැකි වනු ඇති බවය.
"සියලුම අධ්‍යයනවලින් පෙන්නුම් කළේ දෙවැනි එන්නත මාත්‍රාවෙන් පසුව B.1.1.7 සහ B.1.351 යන වෛරස ප්රභේදයන් උදාසීන කිරීම වැඩිදියුණු වී ඇති බවයි. කෙසේ වෙතත් අධ්‍යයන කිහිපයකදී, කොවිඩ් -19 වෙතින් සුවය ලබා එක් එන්නත් මාත්‍රාවක් ලබා ගත් පුද්ගලයන්ට B.1.351 ට එරෙහිව මධ්‍යස්ථ ආරක්ෂාවක් පැවති බව සඳහන් වුණා." වෛද්‍ය හෙදර් ස්කොබි පැවසීය.