ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතය තවමත් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
අනාගතයේදී එය වෙනස් කරන්නේ නම් එය වෙනස් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඇතිවන සාකච්ඡාවකින් පසුව බවද ඔහු පවසා සිටියේය.
11 වන දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයෙකු නම් කළහොත් ඉන්පසුව ගන්නා ක්‍රියාමාර්ග පිලිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කරන බවද අද (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.