මුතුරාජවෙල තෙත්බිම් ගොඩකිරීම්වලට එරෙහිව පියවර නොගත් පරිසර නිලධාරින් සියලු දෙනාට දඩුවම් හා ස්ථාන මාරුවීම් ලබාදෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මුතුරාජවෙල තෙත් බිම අනවසර ඉදිකිරීම්, ගොඩ කිරීම් හා එහි පරිසරයට හානිකර අයුරින් සිදුවන ක්‍රියාකාරකම් පිලිබඳව මීට මාසයකට පෙර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. එම අවස්ථාවට පරිසර සංවිධානවල නියෝජිතයින් ද එක් වී සිටියහ.
එහිදී පෙනී ගිය කාරණය වුයේ මුතුරාජවෙල තෙත්බිම අවට දැවැන්ත පරිසර හානියක් සිදුවෙමින් පවතින බවයි.
එක්තරා ව්‍යාපාරික ආයතනයකට අයත් ටිපර් රථ පහකින් කොළඹ නිවාසවලින් කඩා ඉවත් කරන ඇතැම් අබලි ද්‍රව්‍ය මුතුරාජවෙල ගොඩකිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබිය දී අමාත්‍යවරයා ඒවා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සම්බන්ධ වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙසත් බෝපිටිය පොලිසියේ ඉහළ නිලධාරියෙකුට දැනුම් දුන්නේය.
එමෙන්ම මුතුරාජවෙල සිදුවන පරිසර අකටයුතුකම් ගැන වාර්තාවක් ලබා දෙන පරිසර නිලධාරින්ට ද උපදෙස් දුන්නේය.
නමුත් දැනට මාසයකට වැඩි කාලයක් ගත වී ඇතත් මේ වනතුරු ඒ සම්බන්ධව අදාල නිලධාරින් විසින් කිසිදු පියවරක් ගෙන නොමැත.
එමනිසා මුතුරාජවෙල අයත්වන ප්‍රාදේශීය ලේකම් කාර්යාවල සේවය කරන සියලු පරිසර නිලධාරින් වහාම දඩුවම් ස්ථාන මාරුවිම් ලබා දී ඔවුන් සම්බන්ධව විනය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දෙනු ලැබීය.
ඒ අනුව ඊයේ (25) දින සිට එම නිලධාරින් සියලු දෙනා එම ස්ථානවලින් දඩුවම් ස්ථාන මාරුවීම් ලබා දීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගත් බව අමාත්‍යවරයාට දැනුම් දී ඇත.