මින්නේරිය ගිරිතලේ රක්ෂිතය තුළ මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වැටලිමට අද (15) අලුයම පොළොන්නරුව මුලස්ථාන පොලීසියේ පොලිස් කණ්ඩායමක් ගිය අවස්ථාවේ ගිනි අවියක් ක්රියාත්මක විමෙන් සැකකරුවන් දෙදෙනෙකුට වෙඩි වැදි පොළොන්නරුව මහ රෝහලේ ප්රතිකාර ලබන බව මින්නේරිය පොලීසිය පවසයි.
මෙසේ වෙඩි වැදිම නිසා තුවාල ලබා ඇත්තේ දියබෙදුම ගිරිතලේ පදිංච් 31 හැවිරිදි පුද්ගලයෙකු සහ දියබෙදුම එකේ කණුව ප්රදේශයේ පදිංචි (50) හැවිරිදි පුද්ගලයෙකු බවත් දෙදෙනාගේම පාද වලට සුළු තුවාල සිදුව ඇති බව මින්නේරිය පොලීසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරිමේ දි අනාවරණය වු කරුණු අනුව ගිරිතලේ මින්නේරිය රක්ෂිතය තුළ මහා පරිමාණ ලෙස කසිප්පු ජාවාරමක පුද්ගලයින් පිරිසක් නිරතව සිටින බවට පොළොන්නරුව මුලස්ථාන පොලීසියට ලද තොරතුරක් අනුව එම පොලීසියේ පොලිස් කණ්ඩායමක් අද (15) දින අලුයම 2.00 පමණ එම ප්රදේශයේ වැටලිමක් සිදු කර තිබේ. එම ස්ථානයට පොලීසිය පැමිණෙන අවස්ථාවේදි ජාවාරම්කරුවන් කසිප්පු පෙරමින් සිට ඇත. වහාම පොලීසිය ක්රියාත්මක වී පුද්ගලයින් අත්අඩංගුවට ගත් අතර එහි සිටි එක් පුද්ගලයෙකු පැන ගොස් තිබේ. පුද්ගලයින් දෙදෙනෙකු සහ ස්ප්රිත්තු මිලිලිටර් 35.000ක් , දගර සමග බැරැල් එකක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පළා යැමට උත්සාහ දැරිමත් සමග නිලධාරියෙකු සන්තකයේ තිබු ගිනිඅවිය ක්රියාත්මක විමෙන් සැකකරුවන් දෙදෙනාට වෙඩි වැදිමෙන් තුවාල සිදුව තිබේ.