කූරියර් සේවා භාවිත කරමින් තෑගි ලබාදෙන ආකාරයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අණාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
මත්ද්‍රව්‍ය හුවමාරු කිරීම වෙනුවෙන් භාවිත කරන නවීන ක්‍රම යටතේ මෙම ක්රමයද දැන් ලංකාවේ භාවිත කරන බව ඔහු පැවැසීය.
මෙවැනිම ආකාරයට කූරියර් සේවා භාවිත කරමින් අනුරාධපුරයට හෙරොයින් මත්ද්‍රව්‍ය පාර්සලයක් යැවීමට උත්සාහ කළ කුඩු නෝනි නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිණිය හා අනුරාධපුරයේදී එම පාර්සලය භාර ගැනීමට සිටි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
බෝනික්කෙක් තුළ සඟවා මෙම මත්කුඩු ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබුණ බවත් සැකකාරියගේ නිවසේ තිබී මත්කුඩු ග්‍රෑම් 56ක්ද සොයාගත් බවත් පොලීසිය පවසයි.
සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.