සුරාබදු පනතට අදාළ සංශෝධන වහාම ගැසට් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දුන්නේ ය.
මත්ද්‍රව්‍ය මර්දනය සහ අපරාධ අවම කිරීම පිළිබඳ අද (02) පෙරවරුවේ ජනාධිපති කර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපති මෙම උපදෙස් ලබා දුන්නේ ය.
එමෙන්ම රට තුළ අපරාධ අවම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළේ ප්‍රගතිය ද සමාලෝචනයට ලක් කෙරිණි.
විෂ මත්ද්‍රව්‍ය ආඥා පනතට අදාළ සංශෝධන ද කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති උපදෙස් දුන්නේ ය.
බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බරපතළ අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරය වෙත ගෙනයාම සහ විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මත එම කටයුතු සිදු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.