නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් සංක්‍රමණික ජාවාරම මැඩලීමේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නව සහයෝගිතා වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කිරීමට එකඟතාව පළ කෙරේ.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දිය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේ දී මේ පිළිබඳ සාකච්ජාවට ලක් කෙරිණි.
කලාපීය ආරක්ෂාව වෙනුවෙන් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම මැඩලීමේ දී ඉන්දු ශ්‍රී ලංකා සහයෝගිතාව තුළ පුළුල් අවබෝධයකින් සහ එකඟතාවයකින් කටයුතු කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමු විය.
එමෙන්ම ශ්‍රී ලාංකීය ආරක්ෂක හමුදාවන් සඳහා ඉන්දීය රජය ලබාදෙන පුහුණු අවස්ථා පිළිබඳ සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා එම පුහුණු අවස්ථා තවදුරටත් ඉහළ නංවා ගැනීමට සහය වන ලෙස කළ ඉල්ලීම පිළිබඳව ද ඉන්දීය ආරක්ෂක ලේකම්වරයාගේ අවධානය යොමු කෙරිණි.
එමෙන්ම ආරක්ෂක කටයුතුවල දී දෙරට අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනිමටත් එහිදී නිරන්තරයෙන් අදහස් හුවමාරුකර ගැනීම පිළිබඳවත් සාකච්ජා විය.
මෙහි දී ඇතිවූ එකගතාවන් ඉදිරියට කි‍්‍රයාත්මක කිරීම පිළිබඳ දෙරටේ ආරක්ෂක ලේකම්වරු එක්ව සාකච්ජා කිරීමට ද තීරණය කෙරිණි.
කෂිනි හපුආරච්චි