හලාවත නගරයේ මත්ද්‍රව්‍ය විකුණන කාන්තාවකගෙන් එම ජාවාරම දිගටම පවත්වාගෙන යාමට රු 15000ක මුදලක් ඉල්ලා එම මුදල ලබාගන්නා අවස්ථාවේදී පුදගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි
මෙම පුද්ගලයන් දෙදෙනා යුද හමුදා සොල්දාදුවන් බවත් ඔහු පැවැසීය. මේ අතර සීදූව මත්ද්‍රව්‍ය විකුණන අයෙකුගේ රු 80000කමුදලක් ඉල්ලූ යුද හමුදා සොල්දාදුවෙක්ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
සැකකරුවන් අද දිනයේදී හලාවත හා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මේ පිළිබඳව වහාම අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවත් ඔවුන්ව ශ්‍රී ලංකා යුද හමුදාවෙන් නෙරපන බවත් යුද හමුදාපති ජනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.