මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් යටතේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේඅදහසකට අනුව ක්රියාත්මකකර තිබෙන විශේෂ මෙහෙයුම් මැදිරියට තොරතුරු ලබාදෙන සියලු දෙනාගේ රහස්‍යභාවය සුරක්ෂිත කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව නිවැරදිව තොරතුරු ලබාදෙන ජනතාවට ත්‍යාග මුදල් පිරිනැමීමට සැලසුම් කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
රටතුළින් මත්ද්‍රව්‍ය නිවාරණ කිරීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මකවන මෙම වැඩපිළිවෙළට ජනතා සහයෝගයලබාදෙනලෙසට ඉල්ලීමක් කරන බවද ඔහු පවසා සිටියේය.
දුරකථන අංක ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ ජනතාව ලබාදෙන තොරතුරුපොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ විශේෂ අධීක්ෂණයකට ලක්කරන බවදඒ මහතා සඳහන් කළේය.
0113024820, 0113024840, 0113024850 දුරකථන අංක මගින් හෝ 0112430912 හෝ 0112472757 ෆැක්ස් අංක මගින් හෝ [email protected] විද්‍යුත් ලිපිනයට තොරතුරු ලබාදිය හැකි බවද හෙතෙම පවසා සිටියේය.