මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම් මැදිරියට තොරතුරු ලබාදීම සඳහා 1984 කෙටි දුරකතන අංකය හඳුන්වා දී තිබේ.
මෙම මෙහෙයුම් මැදිරියේ නිලධාරීන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුබද්ධිත අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ස්ථාපිත කර ඇති, මත්ද්‍රව්‍ය තොරතුරු මෙහෙයුම් මැදිරියේ රාජකාරී සඳහා අනියුක්ත කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව මින් ඉදිරියට මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු 1984 කෙටි දුරකත අංකයට ලබාදෙන ලෙස පොලිස් මූලස්ථානය පවසයි.