පසුගිය මාස හය තුල මත්ද්‍රව්‍ය නිසා අත් අඩංගුවට පත් 52,000 ක් පමණ වන පිරිසෙන් වැඩිම පිරිස අවුරුදු 30 ට අඩු තරුණ පිරිස බව අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙළගෙදර මහතා කීය.
මහනුවර පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ අද 27 සවස පැවැති වැඩමුළුවකට එක් වෙමින් ඒ මහතා එසේ කීය.
මධ්‍යම සහ ඌව පළාත්වල පාසැල් දරවන් මත් උවදුරෙන් මුදා ගැනීම වෙනුවෙන් ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා සම්පත් දායකයින් වශයෙන් ගුරු උපදේශකවරුන් දැනුවත් කිරිම සඳහා මෙම වැඩමුළුව පැවැත්විණ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාද මෙම අවස්ථාවට එක්විය. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙළගෙදර මහතා මෙසේ කීය.
මේ දිනවල මත්ද්‍රව්‍ය නිසා අත් අඩංගුවට පත් වීම් විශාල වශයෙන් සිදු වෙනවා. පසුගිය මාස හය තුල පමණක් මත්ද්‍රව්‍ය නිසා අත් අඩංගුවට පත් වීම් 52,000 ක් පමණ සිදු වී තිබෙනවා. ඒ අතර හෙරොයින් නිසා අත් අඩංගුවට පත් වීම් 24,000 ක් පමණත් ගංජා නිසා අත් අඩංගුවට පත් වීම් 26,000 ක් පමණත් වෙලා තියෙනවා. මේ ඔක්කොම අපේ දරුවෝ. මෙතැන ඉන්න අයගෙන් වැඩිම පිරිස අවුරුදු 30 ට අඩු තරුණ දරුවෝ. එයින් සියයට 20 ක් 25 ක් ම පාසැල් වියේ පසුවන දරුවන් . මේවා බොහොම බරපතල ගැටළු. මේ දරුවන් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරල විතරක් හරියන්නේ නෑ. මේ දරුවන් රිමාන්ඩ් කළාට පස්සේ ඔවුන්ගෙන් වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින් බවට පත් වෙනවා.ආරක්ෂක අංශවලට මේක කරන්න බෑ. ඒක කරන්න නම් පළමුව අධ්‍යාපන කෙෂ්ත්රය තුලට මේක කාවද්දන්න ඕන .ඒ නවයක් ඒ හතරක් අරගෙන දරුවෝ එළියට දාන එක නෙවෙයි අපි කරන්න ඕන.කොන්ද කෙළින් තියා ගන්න පුළුවන් සෘජු නායකත්වයක් තියෙන මොළයත් හදවතත් එකට වැඩ කරන දරුවෙක් තමයි එළියට දාන්න ඕන.
මත් දුව්‍ය ප්රශ්නයේ එක කොනක් විතරක් අල්ල ගෙන බෑ. සැපයුම අඩාල කිරීම කියන්නේ එක කොටසක් පමණයි. ඉල්ලුම අඩාල කිරීමටයි අපි මේ පය තියල තියෙන්නේ .ආරක්ෂක අංශ අතින් සැපයුම අඩාල කිරීම මේ වන විට හරියට වෙනවා. රාජ්‍ය නිළධාරින් වශයෙන් ගුරු පරපුරත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සියලු දෙනාත් මේ කාර්යයට සූදානම් වෙලා ඉන්නවා.ඔවුන් ගම බලා ගනියි. ගුරවරුන් පාසැල බලා ගන්න ඕන.යැයිද කීය.