මත්තල ගුවන්තොටුපල ගුවන් භාණ්ඩ ආනයන අපනයන සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ. මත්තල ගුවන්තොටුපල, සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීමේදී මේ පිළිබදව විශේෂ අවධානයක් යොමු කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
විදේශිය සංචාරක ගමනාන්තයක් ලෙස එය සංවර්ධනය කිරීමට අමතරව මෙම පියවර ගැනෙන බව ද ඇමතිවරයා සදහන් කරයි.
කොවිඩ් 19 වසංගතය රට තුල පැතිර යාමට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත්කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරිණ. සංචාරකයන්ට රට විවෘත කිරීමත් සමග එම වැඩසටහන යළි ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව සංචාරකයන්ට කටුනායක හා මත්තල ගුවන්තොටුපල දෙකම විවෘත කිරීමට තීරණය කර ඇතැයි ඇමතිවරයා සඳහන් කරයි. පසුගිය කාලයේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමඳසදහා ද මත්තල ගුවන්තොටුපල භාවිතා කෙරිණ. ඒ අනුව පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා මත්තල ගුවන්තොටුපල තුළ සිදු වූ මගී මෙහෙයුම් සංඛ්‍යාව 15039කි. ගුවන් යානා 396ක් මත්තලට පැමිණ තිබේ. හැසිර වූ සමස්ත ගුවන් භාණ්ඩ ප්‍රමාණය කිලෝග්‍රෑම් 83 654කි.
මත්තල ගුවන්තොටුපල ආශ්‍රිතව විදේශිය ආයෝජන අවස්ථා පුළුල් කිරීම, කෘෂි කාර්මික වගාකරුවන් හඳුනා ගෙන ඔවුන් අපනයන ක්‍රියාවලියට දායක කර ගැනීම, භාණ්ඩ අපනයනකරුවන්ගේ අවශ්‍යතා සදහා පහසුකම් වැඩි දියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
නව ගුවන් සමාගම් ආකර්ශණය කර ගැනීමේ අරමුණින් මත්තල ගුවන්තොටුපලේ ගුවන්තොටුපල ගාස්තු නිදහස් කිරීමට රජය කටයුතු කළේය. සියළුම ගුවන් සේවා වල එකමුතුවෙන් ප්‍රදේශයේ සිවිල් ගුවන් සේවාව හා බැදුණු සමස්ත සමාජයීය හා ආර්ථික පසුබිම සංවර්ධනයට ඒකාබද්ධ සැලැස්මක්ද සකස් කර තිබේ. එය කොවිඩ් 19 වසංගතය හේතුවෙන් තරමක පසුබෑමකට ලක් වුවද ලබන වසර තුළ නැවත ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.