මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සඳහා පිටව යන සංක්‍රමණික සේවකයන්ට වට්ටම් ලබා දීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. මත්තල ගුවන් තොටුපළට ජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ෂණය කිරීමේ පියවරක් ලෙස මෙම වට්ටම් ලබා දීමට අපේක්ෂිතයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන වලට අනුව වාර්ෂිකව මෙරටින් විදේශ රැකියා සඳහා පිටත් ව යන පිරිස ලක්ෂ 02 ක් පමණ වේ. මෙම සංක්‍රමණික සේවකයන්ගේ 20%ක් පමණ මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළට ආසන්න දිස්ත්‍රික්ක නවයකින් පිටත්ව යන බව හෙළිව තිබේ. මත්තල ගුවන් තොටුපළේ අලෙවි කරන ශක්‍යතා අධ්‍යයන වාර්තාවකින් මේ බව හෙළිව තිබෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.
මෙම සංක්‍රමණික සේවකයන් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ හරහා විදේශගත කිරීමේ වැඩපිළිවෙල හරහා ගුවන් තොටුපල ගුවන් ගමන් සඳහා ආකර්ෂණිය ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.