මතුගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් හමුවූ අධිවේගී මාර්ගයේ බස් රථයේ වන්දනා චාරිකාවක නිරතවූ 27 දෙනෙකු සහ භික්ෂුන් වහන්සේලා 06 නමක් ඇතුළු පුද්ගලයන් 65 දෙනෙකු ගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ මතුගම ඕවිටිගල විහාරස්ථානයේදී සිදුකල බව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී.ලයනල් මහතා පැවසීය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී බස් රථයක ගමන්ගත් හෙදියකට සහ එම බස් රථයේ හිමිකරු ,රියදුරු ,කොන්දොස්තර යන සිවු දෙනා කොවිඩ් 19 ආසාදිත බවට පී.සී.ආර්.පරීක්ෂණ වලින් හෙළිවීමත් සමග එම බස් රථයෙන් අනුරාධපුර ප්‍රදේශයේ වන්දනා චාරිකාවක ගිය බදුගම,සිරිකඳුර සහ ඕවිටිගල ප්‍රදේශයේ පුද්ගලයන් 27 දෙනෙකු සහ භික්ෂුණ් වහන්සේලා 06 නමක් සහ එම බස්රථයේ කොන්දොස්තරවරයා සණස බැංකුවකට ගිය බව හෙළිවීමෙන් අනතුරුව එම සණස බැංකුවේ 07 දෙනෙක් ඇතුළුව එම රෝගීන්ගේ ආශ්‍රිතයන් 65 දෙනෙකුගේ පී.සී.ආර්.පරීක්ෂණ අද සිදුකර ඇති අතර එම පිරිසට තම නිවාස වලම ස්වයං නිරෝධායනය වීමට උපදෙස් දී ඇත.
පසුගිය 14 වනදා මතුගම ප්‍රදේශයේ සිවු දෙනෙකුට කොරෝනා වෛරසය ආසදනයවී ඇති බව හෙළිවීමෙන් අනතුරුව එදින සහ අද මතුගම නගරයට සාමාන්‍යයෙන් පැමිණෙන ජනතාවගේ ප්‍රමාණය බොහෝ සෙයින් අඩුවී තිබෙනු දක්නට ලැබුණු අතර ජනතාව එකරාශි වීමෙන් වැලකී සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සහයෝගය ලබාදෙන්නේ නම් මෙම කොවිඩ් 19 වසංගතය ඉක්මනින් පාලනය කිරීමට හැකිවන බව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී.ලයනල් මහතා වැඩිදුරටත් පැවසීය.