මතුගම ප්‍රදේශයේ සිව් දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මතුගම බදුගම සිරිකඳුර ප්‍රදේශයේ පදිංචි අධිවේගී මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී බස් රථයක හිමිකරුවෙකු සහ එම බස් රථයේ කොන්දොස්තරවරයාත්,එම බස්රථයේ රියදුරු වන මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු සහ පැලවත්ත ප්‍රදේශයේ පදිංචි කොළඹ ජාතික රෝහලේ සේවයේ නිරත හෙදියක් මෙසේ කොරෝනා ආසාදනයවී ඇති බව හෙළිවී ඇත.
එම බස්රථයේ හිමිකරුගේ බිරිඳ සේවය කරන මතුගම පිහිටි පුද්ගලික බැංකුවක් විෂබීජහරණය කර එහි කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමුකිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති අතර පී. සී.ආර්.පරීක්ෂණ වලින් පොසිටිව් වූ පිරිසගේ ආශ්‍රිතයන් පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමුකිරීමටත් කටයුතු පිළියෙළ කර ඇති අතර පැලවත්ත නගරයේ සතිපොළ සහ වෙළඳසල් කීපයක් වසාදැමීමටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පියවර ගෙන ඇත
මතුගම බන්දු තඹවිට