මත්කුඩු මිලිග්රැම් 1420ක් සන්තකයේ තබාගෙන සිටි බුස්ස බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකු ඊයේ (16) රාත්‍රි රත්ගම කන්දගොඩ ගලහිදවත්ත ප්රජාශාලව අසලදි අත්අඩංගුවට ගත් බැව් රත්ගම විශේෂ කාර්යබලකා කදවුර පවසයි.
අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා 27 හැවිරිදි වියේ පසුවන විවාහකයෙකි. සැකකාර බන්ධනාගාර නියාමකවරයා මත්කුඩු පානයට මෙන්ම මත්කුඩු ජාවාරමට සම්බන්ද බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
සැකකරු මත්කුඩු සමග වැඩිදුර විමර්ශන කටයුතු සදහා රත්ගම පොලීසියට භාරදි ඇති බැව් රත්ගම විශේෂ කාර්ය බලකා කදවුර පවසයි.
විශේෂ කාර්යබලකායේ .හම්බන්තොට කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර විදුර දිසානයක, ගාල්ල ප්‍රදේශිය අණදෙණ නිලධාරි සහකාර පොලිස් අධිකාරි අශොක යන මහත්වරුන්ගේ උපදෙස්මත රත්ගම විශේෂ කාර්යබලකා කදවුරේ දෙවන අණ දෙන නිලධාරි පො ප ආර් පි අටි රුපසිංහ, පො ප කේ ටි.එස් කුමාර පො කො 85363 බණ්ඩාර පො කො.රි 90608 සංජිව යන නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.