මහියංගණ, සමගිපුර ප්රදේශයේ කලක පටන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරතව සිටි “ ටයියා “ නම් නමගිය මත්කුඩු ජාවාරම්කරු හා ඔහුගේ බිරිද මත්කුඩු ග්රෑම් 03යි මිලිග්රෑම් 500ක් සමග පෙරේදා (31) සවස අත් අඩංගුවට ගත් බව මහියංගණ පොලිසිය පවසනවා.
අත් අඩංගුවට ගත් ටයියා මීට පෙර මත්කුඩු සමග අත් අඩංගුවට පත්ව, බදුල්ල මහාධිකරණයෙන් ඇප පිට නිදහස්ව නැවතත් මත්කුඩු ජාවාරමේ නිරතව සිටි අයෙකු බව මහියංගණ පොලිසිය පවසනවා.
හෙරොයින් අලෙවියෙන් උපයාගත්තා යැයි සැක කෙරෙන මුදල් රුපියල් 13000(දහතුන් දහසක්) විදෙස් ගමන් බලපත්ර 02ක්, ජංගම දුරකථන 03ක් හා හෙරොයින් මත්කුඩු ටයියා නම් සැකකරුගේ සන්තකයේ ග්රෑම් 02යි මිලිග්රෑම් 200ක්, ඔහුගේ බිරිද සන්තකයේ තිබී ග්රෑම් 01යි මිලිග්රෑම් 300ක් තිබී පොලිස් අත් අඩංගුවට පත් වු අතර, අත් අඩංගුවට ගත් සැකකරුවන් හා නඩුභාන්ඩ මහියංගණ මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
මහියංගණ - රංජිත් කරුණාවිර