හෙරෝයින් මත්කුඩු පැකට්ටුවකට මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අද 27 එක් පුද්ගලයෙක් අනෙකාට පිහියකින් ඇණ ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි .
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ගල්කිස්ස පිරිස් පාරේ පදිංචිව සිටි බුලත්සිංහලගේ ටයිටස් ප්රියන්ත පෙරේරා 46 යන අයයි .
පිහියෙන් ඇන්න සැකකරු ප්රදේශය හැර පළාගොස් ඇතැයි පොලිසිය කියයි .
ඝාතනයට ලක්වූ පුද්ගලයාට පළාගිය සැකකරු රුපියල් පන්සීයක් ලබාදී දෙදෙනාට පානය කිරීම සඳහා මත්කුඩු පැකට්ටුවක් රැගෙන එන ලෙස පවසා ඇති අතර ඝාතන ලක්වූ පුද්ගලයා විසින් මත්කුඩු පැකට්ටුව රැගෙන විත් තනිව පානය කිරීම මෙම ඝාතනයට හේතුවී ඇතැයි පොලිසිය කියයි .
මත්කුඩු පානය කිරීම බලාපොරොත්තුව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවසට පැමිණි සැකකරු ඒ පිළිබඳ ඔහුගේ විමසීමේදී ඔහු එය තනිව පානය කළ බව පැවසීමෙන් අනතුරු සඟවාගෙන උල් පිහියකින් පපු ප්රදේශයට ඇණ සැකකරු පළාගොස් තිබූ බව පොලීසිය සඳහන් කරයි.
පළාගිය සැකකරු එම ප්රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය කියයි.
සිද්ධිය වූ ස්ථානයට ගල්කිස්ස වැඩබලන මහේස්ත්රාත් සී ඒ ධර්මතිලක මාතා පැමිණ මූලික මහේස්ත්රාත් පරීක්ෂණ පැවැත්වීය .
ගල්කිස්ස කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද පරීක්ෂණ පැවැත්වීමට එම ස්ථානයට පැමිණ සිටියහ .
ගල්කිස්ස මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.