නිවිතිගල නඟරය ආසන්නයේ පිහිටි මැණික් පතලකට බැසීමට යාමේදී විෂ වායුවක් ශරීරගත වීමෙන් පුද්ගලයෙකු ඊයේ (17) ජීවිතක්ෂයට පත්ව ඇති බව නිවිතිගල පොලීසිය පවසයි.
නිවිතිගල නඟරයේ පොළ භූමිය පිටුපස පිහිටි මැණික් පතලකට මෙම පුද්ගලයා අනවසරයෙන් බැස ඇති බවත්, එහිදී මෙම විෂ වායුව ශරීරගත වීමෙන් පතල තුලදීම අදාළ පුද්ගලයා අවාසනාවන්ත ලෙස මියගොස්ව ඇත.
මෙලෙස මියගොස්ව ඇත්තේ නිවිතිගල, කොළඹගම පදිංචි ඩබ්.ඒ.අනුර සාන්ත නැමැති හතලිස් හතර හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා අනවසරයෙන් ඉල්ලම් ගොඩබෑම සදහා එම පතලට බසින්නට ඇතැයි පොලීසිය සැකකරන අතර, සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන නිවිතිගල පොලීසිය මගින් සිදු කෙරේ.
නිවිතිගල හසල බුද්ධික කුමාරගම