මන්නාරම මඩු කීරිසුඩ්ඩාන් රක්ෂිතය අනවසරයෙන් නීතිවිරෝධීව එළිපෙහෙලි කරමින් තිබූ වැඩසටහනක් වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට පියවර ගත් බව මඩු වනසංරක්ෂණ නිලධාරී කාර්යාලය පවසයි.
කීරිසුඩ්ඩාන් රක්ෂිත ප්‍රදේශයේ බැකෝ යන්ත්‍රයක් යොදාගෙන රක්ෂිතය එළිපෙහෙලි කරන බවට මඩු අඩවිවන නිලධාරී කාර්යාලයට තොරතුරු ලැබීමෙන් පසුව එහි නිලධාරීන් විසින් පරයානන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් එහි නිලධාරීන්ගේද සහාය ඇතිව අදාළ එළි පෙහෙලි කරමින් සිටි රක්ෂිත භූමියේ වැටලීමක් සිදු කරන ලදි.
එහිදී රක්ෂිතය පස්කපන යන්ත්‍රයකින් එළිපෙහෙලි කරමින් සිටි අයෙකු පස්කපන යන්ත්‍රය දමා පළා යාමෙන් පසුව එම පස්කපන යන්ත්‍රය අත්අඩංගුවට ගෙන ඊයේ (27) දින බී වාර්ථාවක් මගින් මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කල බවට මඩු අඩවිවන නිලධාරී කාර්යාලය පවසයි.
මේ පිළිබඳව මඩුපාර අඩවිවන නිලධාරී අශෝක ප්‍රේමරත්න මහතා පවසා සිටියේ,
‘මේ ප්‍රදේශය 2012 දී ගැසට් කරල තියෙන්නේ රක්ෂිත භූමියක් විදහට එහෙම තියෙන විට කිසිවෙකුටවත් අනවසරයෙන් ඇතුල් වෙන්නත් බැහැ. එහෙම වාතාවරණයක අක්කර 5 ක් පමණ මේ වන විට එළිපෙහෙලි කරලා අපිට ලැබුණු තොරතුරු වලට අනුව මෙහි අක්කර 100 ක් පමණ එළි පෙහෙලි කරන්න සූදානමක් තිබිලා තියනවා. ඒකට අවසරය දීලා තියෙන්නේ මඩු සහකාර ප්‍රාදේශිය ලේකම්වරිය එතුමියට එහෙම රක්ෂිත භූමියක් එළිපෙහෙලි කරන්න අවසර දෙන්න බැහැ. අපිට දැනට ලැබිල තියෙන තොරතුරු වලට අනුව මේ භූමිය එළිපෙහෙලි කරන්න ප්‍රදේශයේ ගොවි සංවිධාන වෙතට මුදල් දීමටත් පියවර අරන් තියනවා කියලයි.
මේ පිළිබඳව මඩු සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගෙන් විමසීමේදී ඇය පවසා ඇත්තේ අදාල ඉඩම් ඇතුලු භූමිය යුද්ධයට පෙර 1980 වසරවලදී සිට සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් හා කුඹුරු පැවති ප්‍රදේශයක් බැවින් එම භූමිය එළිපෙහෙලි කිරීමට අවසරය ලබා දුන් බවටය.
නමුත් මේ පිළිබඳව මඩු අඩවිවන නිලධාරීවරයා පවසාසිටියේ 2012 මේ ඉඩම් රක්ෂිතවලට ගැසට් කිරීමට පෙර ඉඩම්වල මායිම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට එවල සීමා තහවුරු කරාට පසුව තමයි ගැසට් කරන්නේ. දැන් රක්ෂිතයක් වෙලා ඉවරයි මේ භූමිය. නමුත් ඒ භූමි ඒ අය කියන විදිහට කුඹුරු ඉඩම්නම් නිදහස් කරගන්න ක්‍රමවේදයක් තියනවා.
ඒ මේ ඉඩම්වල පූර්ණ වාර්ථාවක් වනසංරක්ෂණ කාර්යාලයට භාර දීලා ඒ පිළිබඳව සොයාබැලීමෙන් පසුව වනසංරක්ෂණයෙන් තමයි මේ භූමිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දෙන්න ඕන. ඊට පස්සේ තමයි කරන දෙයක් කරන්න පුලුවන්. නමුත් දැන් වෙලා තියෙන්නේ මඩු සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ තනි තීරණයකට මේ ඉඩම් එළිපෙහෙලි කරපු වගක් මේ පිළිබඳව මන්නාරම් අධිකරණයට අපි දැනුම් දීලා තියෙන්නේ යනුවෙනි.