මඩොල්සිම නගරයේ වෙළදසැල් තිහක් 13 දින (අද) පරීක්ෂාවට ලක් කර අත් අඩංගුවට ගත් ආහාරයට නුසුදුසු ද්‍රව්‍ය විනාශ කර ව්‍යපාරිකයින්ට දැඩිව අවවාද කළ බව ලුණුගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී චම්පික අබේකෝන් මහතා පැවසීය.
නගරයේ හෝටල් පරීක්ෂාවේදි ආහාරයට නුසුදුසු ලෙස සකසා තිබු කෙටි ආහාර ද්‍රව්‍ය සහ වෙළදසැල් පරීක්ෂාවේදි අත්අඩංගුවට ගත් අල හා කුළු බඩු වර්ග තොගයක් විනාශ කර තිබේ.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙස අලෙවි කිරීමට සුදානම් කර තිබු ආහාර ඇතුලු ද්‍රව්‍ය ක්‍රමවත්ව ගබඩා කිරීමටත් පිරිසිදුව ව්‍යපාරික ආයතනය පවත්වාගෙන යෑමටත් වෙළදසැල් හිමිකරුවන්ට උපදෙස් ලබා දී එය පරීක්ෂා කිරීමට නිළධාරින් පැමිණෙන දිනයක්ද නියම කර තිබේ.
නගරයේ දිගින් දිගටම වැටලීම් සිදුකිරිමටත් නියමිත බව කියන වෛද්‍යවරයා වරයා කියා සිටියේ මින් ඉදිරියට මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන ව්‍යපාරිකයින්ට නීතිය ක්‍රියාත්මක කරන බවයි.
ලුණුගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී චම්පික අබේකෝන් මහතාගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිස් නිළධාරීන් එක්ව මඩොල්සිම නගරයේ වැටලීම සිදුකර තිබේ.
ලුණූගල ප්‍රසන්න පත්මසිරි