එන්නත් නිෂ්පාදකයෙකු වන මොඩෙර්නා සමාගම ඊයේ (10දා) නිවේදනය කළේ පළමු සහභාගීවන්නන්ට ඔවුන්ගේ නවීකරණය කරන ලද කොවිඩ්-19 එන්නත හෙවත් වැක්සීන් බූස්ටරය ලබාදුන් බවයි.
එහි දෙවැනි අදියර අධ්‍යයනයේ කොටසක් ලෙස මොඩෙර්නා හි මුල් කොවිඩ්-19 එන්නත සමග දැනටමත් එන්නත් ලබා ඇති 60 දෙනෙකුට සමාගම විසින් පරීක්ෂා කරනු ලබන නවීකරණය කරන ලද එන්නත හෙවත් වැක්සීන් බූස්ටරයේ මාත්‍රාවක් ලබාදී ඇත.
මොඩෙර්නා හි මුල් කොවිඩ්-19 එන්නත එක්සත් ජනපදයේ හදිසි භාවිතය සඳහා අවසර දී ඇත. මෙම එන්නත වෛරස් ප්‍රභේදයන්ගෙන් ආරක්ෂාව සපයන බව පෙන්නුම් කළද, එය දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට හඳුනාගත් B.1.351 ප්‍රභේදයට එරෙහිව ප්‍රතිදේහ ප්‍රතිචාරයේ හය ගුණයක අඩුවීමක් පෙන්නුම් කරනු ලැබීය.
ඒ අනුව මෙම නැගී එන ප්රභේදයන් පරිස්සමින් විසඳා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස මෙම නව එන්නත හෙවත්, වැක්සීන් බූස්ටරය සංවර්ධනය කරමින් සිටින බව ඔවුන් පවසයි.