එක්සත් ජනපදයේ ජෛව තාක්ෂණ සමාගම වන මොඩෙර්නා සමාගම ප්‍රකාශ කළේ එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට හඳුනාගත් කොවිඩ්-19 වෛරසයේ නව ප්රභේදයන්ට එරෙහිවද ඔවුන්ගේ එන්නත මගින් ආරක්ෂාව සපයන බවයි.
එහිදී සමාගම සිය එන්නතෙහි තවත් මාත්‍රාවක් පරීක්ෂා කර සමස්ත මාත්‍රා තුනක් ලබාදෙමින්, දකුණු අප්‍රිකානු නව ප්‍රභේදය සඳහා වූ ආරක්ෂාව පිළිබඳ පූර්ව පරීක්ෂා ආරම්භ කර ඇත.
"මෙම නව දත්ත මගින් අපව ධෛර්යමත් කරනු ලබනවා. මොඩෙර්නා කොවිඩ්-19 එන්නත අලුතින් අනාවරණය කරගත් මේ ප්‍රභේදයන්ගෙන් ආරක්ෂාව ලබාදෙනු ඇති බවට අපගේ විශ්වාසය තහවුරු කරනවා" යැයි මෝඩෙර්නා හි ප්‍රධාන විධායක නිලධාරී ස්ටෙෆාන් බැන්සල් පැවසීය.
"අපගේ mRNA වේදිකාවේ නම්‍යශීලී බව ඉහළ නැංවීම නිසා, දකුණු අප්‍රිකානු ජනරජයේ ප්‍රථම වරට හඳුනාගත් ප්‍රභේදයට එරෙහිව නැගී එන ප්‍රභේදන එන්නත් අපේක්ෂකයෙකු සායනයට ඇතුළත් කරමින් සිටිනවා."