නිවාඩුවට නිවෙස්වලට ගොස් ආපසු පැමිණි මඩකලපුව දිස්ත්‍රික්කයේ සේවය කරමින් සිටින පොලිස් නිලධාරින් 141 දෙනෙකු කල්ලඩි පොලිස් පුහුණු කදවුරේ නිරෝධායනයට ලක් කල බව පොලිස් උසස් නිලධාරියෙක් පැවසිය.
මඩකලපුව දිස්ත්‍රිකයේ පොලිස් ස්ථාන 14 ක සේවය කරන උසස් නිලධාරීන් ඇතුළුව සාමාන්‍ය පොලිස් නිලධාරින් දක්වා තමන්ගේ නිවාඩුවට නිවසට ගොස් ආපසු රැකියාව වාර්තා කිරීමෙන් අනතුරුව කොරෝනා වෛරස් වැලැක්වීමේ ක්‍රියාදාමය යටතේ ඔවුන්ව නිරෝධායන කටයුතු සිදුකර ඇත.
ඒ අනුව කල්ලඩි පොලිස් පුහුණු කදවුරේ පොලිස් නිලධාරින් 141 ක් දින 07 කට නිරෝධායනයට ලක් කල බව එම බලධාරින් වැඩිදුරත් පැවසීය.
මඩකලපුව ටි එල් ජව්ෆර්කාන්