තමන්ට දස වතාවක් අගමැතිකම ලබාගන්නා ලෙස ආරාධනා ලැබුණ බවත් කථානායක කරු ජයසූරිය මහතාට 14 වතාවක් අගමැතිකම භාර ගන්නා ලෙස අරාධනා ලැබුණ බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ යුක්තියේ සටන ජන රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
" මම 10 වතාවක් එපා කිව්වා. කතානායකතුමා 14 වතාවක් එපා කිව්වා. මට ආත්ම ගරුත්වය වටිනවා. මට මගේ පියා වටිනවා. මගේ මව වටිනවා. නතතුරකට යන්නේ ජනතාවගේ කර පිටින්."