තමා යළිත් කොවිඩ්-19 පරීක්ෂාවකට යොමු නොවුණත්, මේ වනවිට තමාට සුවවී ඇති බව තමා විශ්වාස කරන්නේ යැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ෆොක්ස් බිස්නස් සමග සම්මුඛ සාකච්ඡාවකදී මෙම අදහස් පළ කළේ ඔහු මෑතකදී පරීක්ෂාවට ලක් කර ඇත්දැයි යන පැනයට ප්‍රතිචාර වශයෙනි.
"නැහැ, මා ඉතා ඉක්මණින් පරීක්ෂාවට ලක් කරාවි. නමුත් මා ඉතා පිරිසිදුයි. මට හොඳයි. ඔවුන් පවසන්නේ දැන් දින හයක්, හතක් ඉක්මවා ඇති බවයි."
එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පවසන්නේ කොවිඩ්-19 ධනාත්මක පුද්ගලයින් නිරෝධායනය අවසන් කිරීමට නම්, රෝග ලක්ෂණ මුලින්ම පෙන්වූ දින සිට අවම වශයෙන් දින 10ක්වත් අවශ්‍ය බවය. එසේම බෙහෙත් මගින් උණ අඩු නොකර, අවම වශයෙන් පැය 24ක් උණ රහිත විය යුතු බවත්ය.
එම මාර්ගෝපදේශ අනුව සලකා බැලීමේදී ට්‍රම්ප් තවමත් නිරෝධායනය යටතේ සිටිය යුතුය. ඔහුට කොවිඩ්-19 ආසාදනයෙන් යම් තරමක ආරක්ෂාවක් තිබිය හැකි නමුත්, එම ආරක්ෂාව කොතරම් ශක්තිමත්ද යන්න හෝ එය කොපමණ කාලයක් පවතින්නේද යන්න පැහැදිලි නැත.
ට්‍රම්ප් වෛරසය ධනාත්මක බව පරීක්ෂා කළේ පසුගිය බ්‍රහස්පතින්දා සවස් භාගයේදීය. ඒ සිය සහායිකාව වූ හෝප් හික්ස්ගේ රෝග විනිශ්චයෙන් පසුවය.