එන්නත් ජාතිකවාදය සහ මට මුලින්ම එන්නත් ප්‍රවේශය අත්හරින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයීසස් ලෝකයේ රටවලට අනතුරු අඟවා තිබේ.
"මෙතෙක් ලබා දී ඇති එන්නත් මාත්‍රාව මිලියන 225න් අතිමහත් බහුතරය පොහොසත් හා එන්නත් නිපදවන රටවල් අතළොස්සක් තුළ පවතිනවා. අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් බොහොමයක් තවමත් එන්නත් ලැබෙන තුරු බලා සිටිනවා" ගෙබ්‍රෙයීසස් පැවසීය.
"මට පළමු ප්‍රවේශය කෙටිකාලීන දේශපාලන අවශ්‍යතා සඳහා වැදගත් විය හැකි නමුත් එය ස්වයං පරාජයක් වගේම, ප්‍රකෘතිමත් වීමේ කාලය තවදුරටත් දීර්ඝ කරාවි." ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙවැනි ආයාචනයක් කළ පළමු වැනි අවස්ථාවද මෙය නොවේ.