Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
දින 52 අපේ ආණ්ඩුවෙන් රටට ජනතාවට වාසි රැසක් අත්කර දීමට අපට හැකි වුණා. ආණ්ඩුවේ ඇතැම් නායකයින් ඒ ගැන කතාකරන්නෙ නැහැ. අපට වාසියක් වුණේ නැතත් කමක් නැහැ. රටට වාසියක් වෙනවා නම් අපට ඒක වටිනවා. ඒකයි අපි යුද්ධය අවසන් කිරීමට තීරණය කළේ යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02) පස්වරුවේ අනුරාධපුර ව්‍යාපාරික ප්‍රජාව හමුවූ අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා,
ව්‍යාපාරිකයින් වන ඔබගේ ප්‍රශ්න මම අලුතින් ඔබට පැවසීමට අවශ්‍ය නැහැ. යූ එන් පී රජයක් තුළ ව්‍යාපාරිකයන්ට හොඳ පරිසරයක් නිර්මාණය වෙයි කියලා ඔබ විශ්වාස කරන්නට ඇති. නමුත් අද ඒ සියල්ල සිහිනයකට පමණක් සීමා වෙලා.
පළමු වතාවට අපි බලයට පත්වුණ වෙලාවෙ අවුරුදු 30කටත් වඩා දිග්ගැස්සෙමින් තිබූණු යුද්ධය අවසන් කිරීමේ වගකීම අපි භාරගත්තා. අපෙන් ඒ දවස්වල ජනතාව ඉල්ලුවේ රැකී රක්ෂා, බැංකු ණය, ව්‍යාපාර කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දෙන්න කියා නෙවෙයි. යුද්ධය අවසන් කර දෙන්න කියා පමණයි ඉල්ලුවේ. අපි යුද්ධය අවසන් කරා පමණක් නොවෙයි බියෙන් සැකෙන් අවිශ්වාසයෙන් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාවට දකුණේ මෙන්ම උතුරේද ජීවත්වීමේ අයිතිය ලබා දුන්නා. දැන් මහ ලොකුවට සංහිඳියාව කියා කෑගැහුවට අලුතින් ඇති කරපු සංහිඳියාවක් නැත. යුද්ධය අවසන් කිරීමත් සමඟයි සංහිඳියාව ඇති වුණේ.
ඉන්පසුව තිබුණේ රටේ ආර්ථිකය ගොඩනැගීම සහ යුද්ධය නිසා බලපෑමට ලක් වූ ප්‍රදේශ කඩිනමින් සංවර්ධනය කිරීමයි. ඒ සමඟම අපි රජයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේ ජනතාව අතට මුදල් ලැබෙන ව්‍යාපෘති කඩිනම්ව ක්‍රියාත්මක කරන ලෙසයි.
යූ එන් පී නායකයින් යන යන තැන කියනවා කර්මාන්ත ශාලා දමනවා කියලා. එය වචනයට පමණක් සීමා වෙලා. අපි පොහොර මිටිය රුපියල් 8,500ට තියෙන වෙලාවෙත් පොහොර ටික රුපියල් 350ට ලබා දුන්නා. අද ඒ බව සමහරුන්ට අමතකයි. මේ රජය පොහොර සහනාධාරය කපලා දැම්මා. තවත් පැත්තකින් රට පුරාම මත්ද්‍රව්‍ය, මත්කුඩු නිදැල්ලේ ගලා ආවා. අපි මේවායින් අපේ අනාගත පරපුර බේරාගත යුතුයි.
සමහරු කියනවා 19 වැනි සංශෝධනයෙන් පස්සෙලු කුඩු අල්ලන්න ගත්තෙ. ඒක විහිළු කතාවක්. 19 වෙනි සංශෝධනය ගෙනාවේ දින 100 ආණ්ඩුවෙන්. ඉන් පස්සෙ තමයි රට තුළ කුඩු ව්‍යාප්ත වුණේ.
අපි සැමවිටම කෘෂිකර්මය ගැන විශ්වාසය තබා කටයුතු කළා. ඉදිරියේදීත් අපේ ආණ්ඩුවක් තුළින් පෙහොර සහනාධාරය ලබා දෙනවා. අපේ කාලයේ රටේ වී අතරික්තයක් තිබුණා. කොතරම් අතරික්තයක් තිබුණාද කිවුවොත් ඔවුන්ට ගුවන්තොටුපළෙත් වී ගබඩා කරන්න සිදු වුණා.
මිනිසුන්ගේ අතට සල්ලි එන ක්‍රමයක් තිබිය යුතුයි. අපි ජනතාවගේ අතට සල්ලි එන්න ඉඩ හැරියා. ඒ සඳහා විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළා .තරුණයන් අතේ සල්ලි ගැවසුණා. මිනිසුන් අතේ සල්ලි තිබුණොත් තමයි ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය වෙන්නෙ. නැත්නම් ව්‍යාපාර කඩාගෙන වැටෙනවා.
අද ව්‍යාපාරිකයින් බැංකුවලට ණය වෙලා. ඔවුන්ගේ ව්‍යාපාර කඩාගෙන වැටිලා. බැංකු සැමවිටම ව්‍යාපාරිකයන් නගාසිටුවීමට කටයුතු කළ යුතුයි. අපේ පාලන කාලයේ ඒ සඳහා අපි උපදෙස් දුන්නා. බැංකු කළ යුත්තේ ඔවුන්ගේ ණය පියවා ගැනීමට ව්‍යාපාරිකයන්ගේ දේපළ, ඉඩකඩම් වාහන අත්පත් කරගැනීම නොවෙයි. ඔවුන්ට ව්‍යාපාර ගොඩනගා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීමයි.
අපි ණය ගත්තේ අපිට ගෙවන්න පුළුවන් විදියට. අපි ඒ ණය යෙදෙවුවේ සංවර්ධන ව්‍යාපෘති වලට. ණය නොගෙන රටක් සංවර්ධනය කරන්න බැහැ. මේ ආණ්ඩුවට පුළුවන් හැමදාම කයිවාරු ගැසීම පමණයි.
මහ බැංකු මංකොල්ලය නිසා තමයි රටේ ආර්ථිකය මේ තරම් ප්‍රපාතයකට වැටුණේ. ඉන් සිදුවූ පාඩුව කියා නිමකරන්න බැහැ යැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කෂිනි හපුආරච්චි
popular news
rocky Sunday, 03 March 2019 12:50 PM
මොනවට කියනවද? ඔබ තුමා උපන් දා ඉඳලා කටයුතු කලේ එහෙම බව අපි දන්නවා!
Reply : 0 0
Champa Sunday, 03 March 2019 02:36 PM
ණය නොගෙන රටක් සංවර්ධනය කරන්න බැහැ කියන කතාවට එකඟ නැහැ. දැන් නම් බැහැ කිව්වා නම් තමා හරි. ඒ මොකොද කිව්වා නම් 1948 ඉඳන් මේ රට පාලනය කල යූඑන්පී සහ ශ්‍රී ලංකා පාලකයන් වැඩ කලේ රට විදේශ රට වලට යටත් වෙන විදිහට. ණය දෙනකොට කොන්දේසි දානව. ඒවා නිසා කවදාවත් රටක් විදිහට තනියෙන් නැගිටින්න බැහැ. කරන්න තිබ්බේ හිමින් වුනත් තමන්ගේ හයියෙන් නැගිටින එක. එහෙම කරන්න තරම් දූරදර්ශී නායකත්වයක් කවදාවත් යූඑන්පී එකට හෝ ශ්‍රී ලංකා එකට තිබුනේ නැහැ. ඔබ ත්‍රස්තවාදය පරාජය කල. 2005 ඔබේ තිබුන ආකර්ශනීයම පොරොන්දුව ඒක. මිනිස්සු ඔබට ඒකට කෙලෙහිගුණ සැලකුව 2010 නැවත පත් කරලා. අදටත් මිනිස්සු ඔබට ආදරෙයි. හැබැයි ඔබට වගේම ජනතාවටත් වඩා වටින්නේ රට කියන එක ඔබ පිළිගන්න ඕනේ. මෙතෙක් පවතී හැම රජයක්ම වැඩ කලේ ඊළඟ චන්දෙ බලාගෙන. ඒකේ ප්‍රතිඵල තමා අදටත් යූඑන්පී සහ ශ්‍රී ලංකා (පොහොට්ටු කිව්වත් මේකෙම කොටසක් තමයි. එකම මූණු) දේශපාලකයෝ "රට සංවර්ධනය" කරන්න තමන්ට චන්දෙ දෙන්න කියන එක. අවුරුදු 71 කට පස්සෙත් ගොවියාට රජයේ පොහොර සහනාධාරය නැතුව ජීවත් වෙන්න බැහැ කියන්න දේශපාලකයෝ ලජ්ජා වෙන්න ඕනේ. ඔබ ගැන විතරක් නෙමෙයි, මම කියන්නේ හැම දේශපාලකයෙක් ගැනම. ස
Reply : 0 0
Champa Sunday, 03 March 2019 02:52 PM
ඔබේ කාලේ මිනිස්සු අතේ මුදල් ගැවසුණා. ඒකට හේතුව චීනය රටට මුදල් පොම්ප කරපු එක. ඒ නිසා රටේ මුදල් සංසරණය ඉහල ගියා. මිනිස්සු අතේ මුදල් "තියෙනවා වගේ පෙනුන." හැබැයි ඒ ව්‍යාජ මුදල්. ඒ මුදල් අපේ මුදල් වුනා නම් ඔබේ ආණ්ඩුව වැටුනට පස්සේ මිනිස්සුන්ට මුදල් හිඟ වෙන්නවත් ව්‍යාපාර කඩා වැටෙන්නවත් බැහැ. ආණ්ඩුවක් එන එන ගානේ මිනිස්සු පොහොසත් හෝ දුප්පත් වෙනවා නම්, ව්‍යාපාර නගිනවා හෝ බහිනවා නම් ඒ පාලන ක්‍රම වල වැරැද්දක් තියෙනවා. ඊළඟ ජනාධිපති ගැන කතා කලොත් විමල්ගේ ඔක්කොටම මම එකඟයි, හැබැයි ඊළඟ නායකත්වය ගෝඨාභයට දෙන්න ඕනේ කියන එකට එකඟ නැහැ. ගෝඨාභය කියන්නේ සම්ප්‍රදායික දේශපාලනයේ තවත් එක පුරුකක්. ගෝඨාභයට අලුත් දෙයක් කරන්න බැහැ. මේ ක්රමයම දිගටම ගෙනියනවා හැර. මේ ක්‍රමයට කවදාවත් ලංකාවට ගොඩ එන්න බැහැ. මට කියන්න ඕනේ වුනේ ලංකාවට දැන් අලුත් නායකත්වයක් අවශ්‍යයි කියන එක. සම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැරව, නැවත ණය ගන්නේ නැතුව රට කරන දේශපාලන නායකත්වයක් තමයි දැන් රටට ඕනේ. එහෙම කෙනෙක් ඉන්නවද? දැනට නම් පේන්න නැහැ. නමුත් රටට අවශ්‍ය අලුත් දැක්මක්. අලුත් මාර්ගයක්. සම්ප්‍රදායික දේශපාලකයෝ පැත්තකට වෙලා අලුත් මිනිහෙක්ට ඉඩ දෙන්න ඕනේ.
Reply : 0 0
Champa Sunday, 03 March 2019 03:43 PM
තවත් කියන්න තියෙනව. ඔබට, වඩා ලොකු රට නම් මේ දුර්දාන්ත පාලනය රටට ගෙනා ජේවීපී එකත් එක්ක සහ රනිල් සහ මෛත්‍රී එක්ක එකතු වෙලා සිංහලයට තමන්ගේ නායකයා තෝරාගන්න තියෙන එකම බලය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟ වෙන්නේ නැහැ. කොහොමටත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ලැබෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ඔබ ගැන මිනිස්සු කලකිරෙන එක. දේශපාලකයෝ කිහිප දෙනෙක් ඇරුනහම එක සිංහලයෙක් කැමති නැහැ විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවට. එතකොට වෙන්නේ ජනතාව දේශපාලන භේදයෙන් තොරව විධායක ජනාධිපති ධූරය රැක ගන්න එකට ඒකරාශී වෙන එක. මම කැමති එහෙම මිනිස්සු එකතු වෙන එකට. ඒක ජනතාවගේ පැත්තෙන් හොඳ ආරම්භයක් පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන්න. කොහොමටත් දැන් මිනිස්සුන්ට පාට පක්ෂ වලට බෙදිලා වැඩක් නැහැ. ඒ මොකොද කිව්වා නම් දැන් පාර්ලිමේන්තුව එකම අල හොද්දක්. අලයි හොදියි දෙකම එක පාටයි. දේශපාලකයෝ ඒ පැත්තට මේ පැත්තට පැනල පැනල පැනල, track මාරු කරලා කරලා කරලා දැන් පාර්ලිමේන්තුව අල පාටයි. ඒ හින්ද පාර්ලිමේන්තුවෙන් පිට ඉන්න ජනතාව පාට පාට වෙන්න වැඩක් නැහැ. මොකොටද? ජනතාවට තියෙන්න ඕනේ එකම පාට සිංහයාගේ පාට විතරයි.
Reply : 0 0
Lion Sunday, 03 March 2019 05:15 PM
මගේ දෙඉය ඔය කටින්ද කතා කරන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd