කොවිඩ්-19 වෛරසය සඳහා තමාට දැන් ප්‍රතිශක්තියක් තියෙන බවත්, වෛරසය සමග සටන් කිරීමට ඉතා හොඳ තත්ත්වයක සිටින බවත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
කෙසේ වෙතත් නව කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව පවා සිටි ඇමෙරිකානු නායකයා, තමන්ගේ නවතම වෛරස පරීක්ෂාව සෘණාත්මක එකක් ලෙස ලැබී ඇතිද යන්න ප්‍රකාශ නොකළ බව විදෙස් වාර්තා පවසයි.
"මට දැන් ප්‍රතිශක්තියක් තියෙනවා. ඔබේ ජනාධිපතිවරයා වෛරසය සමග සටන් කිරීමට ඉතා හොඳ තත්ත්වයක සිටිනවා" ට්‍රම්ප් ෆොක්ස් නාලිකාව වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත.
ට්‍රම්ප්ගේ වෛද්‍යවරයා වන ෂෝන් කොන්ලි සෙනසුරාදා පවසා සිටියේ ජනාධිපතිවරයාගෙන් අන් අයට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම මේ වනවිට පහව ගොස් ඇති බවය. කෙසේ වෙතත් කොන්ලිගේ ප්‍රකාශයෙන් ට්‍රම්ප් ඇත්ත වශයෙන්ම නව කොරෝනා වෛරසය සඳහා සෘණාත්මක ලෙස පරීක්ෂා කර ඇත්දැයි ධවල මන්දිරය එවරද ප්‍රකාශ කළේ නැත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වූ ට්‍රම්ප්ගේ ට්විටර් පණිවිඩය ඉරිදා ට්විටර් සමාජ ජාලය විසින් වසංගතය සම්බන්ධයෙන් නොමග යවනසුළු පුවතක් ලෙස සලකුණු කරන ලද අතර, තමාට වෛරසය වැලඳී සිටියදී තමන් එයින් නිදහස්ව ඇති බවට ප්‍රකාශ කිරීම සමාජ මාධ්‍ය වේදිකාවේ නීති උල්ලංඝනය කිරීමක් ලෙස අවධාරණය කර ඇත.