මෝටර් රථ පරීක්ෂකවරුන් Motor Vehicle Examiners බඳවා ගැනීමට පවත්වන විභාගය භාහිර පාර්ශ්වයකට ලබා දීමට පසුගිය රජය විසින් 2017 ගෙන තිබූ තීරණය අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් අවලංගු කරවයි.
මෝටර් රථ පරීක්ෂකවරුන් බඳවා ගැනීම සඳහා පවත්වන ලද විභාගය භාහිර පාර්ශ්වයක් මගින් විශේෂයෙන් පුද්ගලික අංශය මගින් ඉටු කර ගැනීමට පසුගිය රජය විසින් 2017 දී තීරණය කර තිබිනි.
මෙම තීරණය අවලංගු කර එම විභාගය රජය විසින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රීලංකා මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පවත්වන ලද සාකච්ඡාවක ප්‍රතිපලයක් වශයෙන් එම තීරණය අවලංගු කිරීමට අමාත්‍යවරයා වීසින් සුදුසු පියවර ගන්නා ලදී.
ඒ් අනුව පසුගිය සතියේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද අතර ඊට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
මෝටර් රථ පරීක්ෂකවරුන් බඳවා ගැනීම සඳහා පවත්වන විභාගය බාහිර පාර්ශ්වයකට පැවරීම සඳහා පසුගිය රජය විසින් ගෙන තිබු තීරණය වත්මන් අමාත්‍ය මණ්ඩලය විසින් අවලංගු කරන ලද බවත්, පෙර තිබු පරිදි එම විභාගය රජය විසින්ම පැවැත්වීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ඊයේ (03) මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ සංගමයට දැනුම් දුන්නේය.
එමෙන්ම මෝටර් රථ පරීක්ෂකවරුන් මුලුරටම ආවරණය වන පරිදි තනතුරු 145ක් තිබිය යුතු වුවත්, දැනට සිටින්නේ 99 දෙනෙක් පමණි. තවත් 46 දෙනෙකුගේ අඩුවක් පවතින හෙයින් ඔවුන් බඳවා ගැනීම සඳහා ද කඩිනමින් විභාගය පැවැත්වීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.