සිවුදෙනකු ගමන්ගත් මෝටර් රථයක් (3) අලුයම මහරගම නාවින්න ප්‍රදේශයේදී තාප්පයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව මහරගම පොලිසිය කියයි
අනතුරින් මියගොස් ඇත්තේ නුගේගොඩ තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මාධව සංකල්ප 27 හා මහව කෝන්වැව රුවන් ගල පදිංචිව සිටි සුමින්ද කුමාර නරසිංහ 33 යන දෙදෙනායි
අනතුරින් මියගිය දෙදෙනා සහ බරපතළ තුවාල ලැබූ දෙදෙනා මහරගම දෙවන පාරේ අවන්හලකින් රාත්‍රියේ ආහාර රැගෙන නැවත හයිලෙවල් මාර්ගය ඔස්සේ උඩහමුල්ල දෙසට යමින් සිටියදී උඩහමුල්ල දෙසට පිවිසෙන මාර්ගයේ වම්පස පිහිටා තිබෙන බෝධියෙහි ආරක්ෂිත තාප්පයේ ගැටී අනතුරුව තාප්පය ද කඩා කඩාගෙන ගොස් බෝධි යෙයි ගැටී මෙම අනතුර විසින් සිදු වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය
අනතුරින් බරපතළ තුවාල ලැබූ අනෙක් පුද්ගලයන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත
සිදුවූ අනතුරෙන් මෝටර් රථයට බරපතල අලාභ සිදු වී ඇතැයි පොලිස් නිලධාරීයෙක් පැවසීය
මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් .එච් .ජනකාන්ත මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී බී ට්.මෛත්‍රීපාල මහතා පරීක්ෂණ පවත්වයි
බිමල් ශ්‍යාමන් ජයසිංහ