කලුබෝවලදී මෝටර් රථයක් තුළ පිළිස්සුණ මළ සිරුරක් හමුවීම පිළිබඳව ගල්කිස්ස පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
සිද්ධිය සිදුවූ ස්ථානයට ගල්කිස්ස මහේස්ත්‍රාත්, රජයේ රස පරීක්ෂක හා අධිකරණ වෛද්‍ය නිලධාරී පැමිණ ස්ථානීය පරීක්ෂණයක් කළ බවත් දේහය කලුබෝවිල මෘත ශරීරාගාරයට ගෙන ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ගින්න සිදුවූ ආකාරය පිළිබඳව රස පරික්ෂක මතය ලබාගැනීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.